Wednesday, October 19, 2022

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට
ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන
හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය
කවි විතරක් ලියපුවාම හරියයිද

Monday, June 22, 2020

ජීවිතය


ජීවිතය විදින්නට අපි ආසා කරනවා
ඒ් වුනත් ජීවිතය විදවන්නම වෙනවා
විදවිමන් ජීවිතය විදින්නට හදනවා
ඒ් වුනත් ජීවිතයේ නොමැරීම මැරෙනවා

කරන්නට වැඩ දහක් ඇතිමුත්
කරන්නට ආසා විය යුතුයි
ඇතිවූ විට කැමැත්තක් ඒ් ගැන
වැඩේ මැනවින් කල හැකියි
ඒ් වුනත් අන්තිමේ බැලුවම
අනිත් වැඩ ටික ඒහෙමමයි

Thursday, July 11, 2019

දුරකථනය

මොනම මඟුලකට හැදුවද මන්දා    මේක
කනක් ඇහිලා ඉන්නට බෑ          හැමදාම
හදිස්සියකට වටිනවා ළග               තිබුම
ඒ් වුනාට මහා මළ මඟුලකි            මේක

Tuesday, July 2, 2019

ඉලක්කය සහ කවි


යන්නට ඉල්කකය වෙත ඇත තව දුර යන්න
කාලය සමග පොර බදිමින් ඉදිරියට
නින්දත් අඩුව දවසක ඇරඹුම සමග
යන්නට අමාරුයි ඒ් දුර මෙලෙස මට

දිනුමට ඇතත් ඒළඹෙන කාලය ඇතුලේ
කෙරුමට දහසකුත් වැඩ ඇත ලහි ලහියේ
නොහැකිව හසුරුවා ගන්නට කඩිමුඩියේ
වැඩ ගොඩ ගැහෙයි බාගෙ බාගෙට මේසේ

ලිව්වට කවි ටිකක් කාලය අරන් මම
කවි සංකල්පනා ඒන්නේ නැහැ සිතට
ඔලුවත් බරව ඉන්නා විට නිදිබරව
තව වැඩ ගොඩක් පිරුනා මගේ මේසයට

Friday, November 4, 2016

කාලය සහ වැඩ

කාලය සමඟ තරඟෙට මම දිව යනවා
කාලය මාව පරදාගෙන දිව        යනවා
කලයුතු වැඩ කටයුතු මග හිර වෙනවා
ඒ හින්දම ඔෆිස් එකේ රෑ         වෙනවා

Friday, October 7, 2016

වැඩ



උදෙන්ම ඇවිත් වැඩ කරලා ගෙදර යති
හෙටත් උදෙන් ආයෙත් මම වැඩට එමී
මේ ජීවිතේ දැන්නම් මට තිත්ත වුනි
ගෙදරට වෙලා ඉන්නට ඇත්නම් යෙහෙකි

නිදිමත දැනෙයි අද මට වෙනදාට වඩා
වැඩක් කලත් නැහැ හිත සැනසුමක් මෙදා
කුමක් කලත් පල නැහැ අද දවස කිමා
කවදා ලැබෙයිදෝ සැනසුම පතන මෙමා

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද